රාජ්‍ය ආයතනවල ඩෙංගු ව්‍යප්තිය ඉහළ යයි .

නිවාස ආශ්‍රයෙන් ඩෙංගු මදුරුවන් බෝවීම යම්තරමකට අඩු වී ඇති නමුත් පාසල්, රාජ්‍ය ආයතන, ආගමික ස්ථාන සහ ඉදි කිරීම් භූමී ආශ්‍රයෙන් මදුරු කීටයන් බෝ වීම ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ කීට විද්‍යාඥ සකුන්තලා ජානකී පැවසීය . ඇය මේ බව සඳහන් කළේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි .

තව දුරටත් අදහස් දක්වමින් ඇය පැවසූවේ 2026 වර්ෂයේ කීට පරිශ්‍ර දර්ශක අගය වෙනස් වී ඇති බවයි . මැයි සහ ජූනි මාසවල Aegypti මදුරුවාගේ කීට පරිශ්‍ර දර්ශක අගය 2 ට වඩා වැඩියෙන් තිබූ නමුත් දැන් ඒ අගය 1.3 දක්වා අඩු වී අතිබව ඇය පැවසූවාය . ඊට අමතරව Albopictus මදුරුවාගේද මැයි, ජූනි කාලවල පවති ඉහළ ඝනත්වය, මේ වෙනකොට අඩු වී ඇතිබව ඇය පෙන්වාදුන්නාය .”

සිදුකරමින් පවතින ඩෙංගු මර්ධන කටයුතු ආශ්‍රයෙන් කරුණු දක්වූ ඇය වැඩි දුරටත් මෙසෙ පැවසූවාය.

”ජනවාරි ඉඳන් අගෝස්තු 3 වෙනි සතිය වෙනකන් අපි පරිශ්‍ර 58,683ක් පරීක්ෂා කළා. ඒ අතරින් පරිශ්‍ර 4,919ක ඩෙංගු මදුරු කීටයන් හමුවුණා. ඒක ප්‍රතිශතයක් විදිහට 8.4%ක්. පාසල් 1,416 ක් පරීක්ෂා කළා. ඒ අතරින් පාසල් 555ක මදුරු කීටයන් හමුවුණා (13.9%ක්).

ආයතන 2,298 ක් පරීක්ෂා කළා. ඒ අතරින් 579ක මදුරු කීටයන් හමුවුණා (12.5%ක්). නිවාස 36,960ක් පරීක්ෂා කළා. ඒ අතරින් නිවාස 3,234ක මදුරු කීටයන් හමුවුණා (8.5%ක්). ස්ථාන 1,404ක් පරීක්ෂා කරලා 364ක මදුරු කීටයන් හමුවුණා (24.4%ක්).

නිවාසවල මදුරුවන් බෝවන ප්‍රතිශතය අඩු වුණාට පාසල්, රාජ්‍ය ආයතන, ආගමික ස්ථාන සහ ඉදි කිරීම් භූමී ගැන අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ ස්ථානවලින් වැඩිපුර මදුරු කීටයන් හමුවෙනවා.

“ජූලි මාසයේ පරීක්ෂා කරපු නිවාසවලින් 6.3%ක් ධනාත්මක වුණා. අගෝස්තු මාසයේදී ඒක 6.2% දක්වා ඩිංගක් අඩු වෙලා තියෙනවා.

සාමාන්‍ය පෙළ විභාගයට කලින් අපි පාසල් පරීක්ෂා කිරීම් වැඩිකළා. ජූලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේදී පාසල්වල මදුරු කීටයන් බෝවීම යම් අඩුවීමක් පෙන්නුම් කරනවා.

රාජ්‍ය ආයතනවලත් ජූලි මාසයේ 11.3%ක් වුණු ප්‍රතිශතය අගෝස්තු වෙනකොට 10.5% දක්වා යම් කුඩා අඩුවීමක් තියෙනවා. සම්පූර්ණ පරිශ්‍ර බැලුවොත්, ජූලි මාසයේ පරීක්ෂා කරපු පරිශ්‍ර 51,209න් කීටයන් සිටි ප්‍රතිශතය 6.6%ක් වුණා. අගෝස්තු 3 වෙනි සතිය වෙනකන් පරීක්ෂා කරපු පරිශ්‍ර 32,952න් මදුරු කීටයන් හමුවුණේ පරිශ්‍ර 2,045ක විතරයි (6.2%යි).”

වැඩිපුරම මදුරුවන් බෝවෙලා තියෙන්නේ ඉවතලන අයිතමවල. දෙවනුව වතුර එකතු වෙන භාජනවල සහ තුන්වෙනුව තාවකාලිකව අයින් කරපු භාජනවල. තාවකාලික අයිතම කියන්නේ විසි කරන්නේ නැතුව පස්සේ පාවිච්චියට පැත්තකින් තියලා තියෙන, වැස්සට වතුර එකතු වෙන භාජනයි. සතියක් විතර වතුර තිබුණොත් ඒවයේ මදුරුවන් බෝවෙනවා.” ඇය පැවසීය .

ජනතාව දැනුවත් කිරීම සහ ශ්‍රමදාන නිසා ඉවතලන අයිතමවල මදුරුවන් බෝවීම 20% දක්වා අඩු ඇතිබවත්, එම හේතුවෙන් තාවකාලික අයිතමවල බෝවීම 12% දක්වා අඩුව ඇති නමුත් ගෙවතුවල තියෙන විසිතුරු අයිතම, වැසී ආවරණය වූ අයිතම වල මදුරුවන් බෝවීම වැඩි වී ඇතිබවද ඇය පෙන්වා දුන්නාය.