ප්‍රවීන ගායක ප්‍රියංකර පෙරේරා සමුගනී .

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග පවසයි . කලක සිට රෝගාතුරව සිටි ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (01) රාත්‍රියේ මියගිය බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් පැවසීය .

මියයන විට 64 වන වියේ පසුවු ප්‍රියංකර පෙරේරා රංගන ශිල්පියෙක් ලෙසද ජනාදරයට පත්විය . ප්‍රකට ගායකයෙක් වූ ජේ. ඒ මිල්ටන් පෙරේරාගේ පුත්‍රයා වන ප්‍රියංකර පෙරේරා සිනමා සහ රූපවාහිනී නිළි දිල්හානී අශෝකමාලාගේ සැමියා වෙයි .

ප්‍රියංකර සහ දිල්හානීගේ පුත්‍රයා වන දිල්මින් පෙරේරාද නව පරපුරේ ගායකයෙකි .