බලංගොඩ, පින්නවල – එල්ලාරාව ප්‍රදේශයේදී පසුගිය 30 වනදා අතුරුදහන් වූ බව පැවසෙන පාසැල් සිසුවියන් තිදෙනා ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් සොයා ගෙන ඇතිබව වාර්තා වේ .
උපකාරක පන්තියකට සහභාගී වීම සඳහා නිවෙසින් පිටව ගිය මෙම දරියන් තිදෙනා නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් කලබලයට පත් දෙමාපියන් ඒ පිළිබඳව බලංගොඩ පොලිසියට පැමිණිලි කර ඇත .
මෙම දරියන් තිදෙනා 17 හැවිරිදි බලංගොඩ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපන ලබමින් සිටින සිසුවියන් තිදෙනෙකු බවයි වාර්තා වෙයි . වැඩිදුර පරීක්ෂන පැවැත්වෙයි .