රවී කරුණානායකට ඇප

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඇප මත මුදාහැර තිබේ .

ප්‍රකශයක් ලබාගැනීමට අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිසම හමුවට පැමිණි ඔහු එහිදී අත් අඩංගුවට ගන්නා ලදුව අද (31) පස්වරුවේ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා හමුවට පමුණවන ලදි . එහිදී දෙපාර්ශයේ නීතීඥයන්ගේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඇප මත මුදාහැරීමට නියෝග කළේය . මන්ත්‍රීවරයාට විදෙස් ගමන් තහනමක්ද පනවා තිබේ.