48cc හෝ 50ccට අඩු එන්ජින් ධාරිතාවෙන් යුත් යතුරුපැදි ලියාපදිංචි කිරීම අනිවාර්ය බව මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල්, එයාර් මාෂල් (විශ්රාමික) තුෂාර ප්රනාන්දු පැවසීය .
මෙම කාණ්ඩයට අයත් යතුරුපැදි ලියාපදිංචි කිරීම අවශ්ය නොවන බවට ඇතැම් යතුරුපැදි අලෙවිකරුවන් විසින් ප්රකාශ කළද එය නිවැරදි නොවනා බව කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් පැවසීය.
ඒ අනුව පාරිභෝගිකයින් මෙවැනි යතුරුපැදි මිලදී ගැනීමේදී නිසි රේගු ලියකියවිලි සහිතව පමණක් මිලදී ගැනීමට වගබලා ගතයුතු බවත් , ලියාපදිංචි නොකළ මෙවැනි යතුරුපැදි පොදු මාර්ගවල ධාවනය කරමින් සිටියදී හසු වුවහොත්, ඒ සඳහා පොලිසිය විසින් නීතිමය පියවර ගනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
අද (22) පැවති ප්රවෘත්ති සාකච්ඡාවක් අතරතුර අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය .