වරායේ කන්ටේනර් එකක් තුළ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 420 අත් අඩංගුවට

කොළඹ වරායේ කන්ටේනරයක් තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 420ක් සොයාගත් බවත්, ඊට අදාලව දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බවත් පොලීසිය සඳහන් කළේය.

බුද්ධි තොරතුරක් මත අධිකරණ නියෝගයක් ලබාගෙන මෙම වැටලීම සිදු කර ඇත.