මැදවච්චිය, වැවැල්කැටිය ප්රදේශයේ අසනීප වී සිටින අලි පැටවා වැඩි දුර ප්රතිකාර සඳහා උඩවලටට රැගෙන යාමට තීරණය කළ බව වන්ජීවී දෙපාර්තමේන්තුව පවසයි .
ඒ අනුව පඬුලගම වනජීවී පශු වෛද්ය ඒකකයේ නිලධාරීන් විසින් ප්රතිකාර කරමින් සිටි එම අලි පැටවා වැඩි දුර ප්රතිකාර සඳහා උඩවලව ඇත් අතුරු සෙවනට රැගෙන ගිය බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සිය සමාජ මාධ්ය පිටුවේ සඳහන් කර ඇත . කෙසේ වෙතත් එහි අලි පැටවාගේ සෞඛ්ය තත්ත්වය හෝ රෝගයට හේතුව පිළිබඳව විස්තර දැක්වෙන්නේ නැත .