නේපාල ගංවතු‍රින් ඇමරිකානුවන් 90 ක් අතුරුදහන්.

ග්ලැසියර් පථනයක් හේතුවෙන් ඉකුත් බදාදා නේපාලයේ ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වය නිසා මියගිය ගණන 400 ඉක්මවනා බව විදෙස් මාධ්‍ය පවසයි . එමෙන්ම 1400 කට ආසන්න පිරිසක් පිළිබඳව තොරතුරු සොයාගැණීමට නොහැකි බවත් ඔවුන්ගෙන් සැලකිවයුතු පිරිසක් මාර්ග අවහිරතා නිසා විවිධ ස්ථානයන්හී කොටුවී ඇතැයි බලාපොරොත්තුවන බවත් නේපාල පොලිසිය පවසයි . සන්නිවේදන පහසුකම් බිඳ වැටීම නිසා මෙම පිරිස පිළිබඳව නිවැරදි තොරතුරු ලබාගත නොහැකිව ඇතිබව වාර්තා වේ .

බ්‍රහස්පතින්දා රාත්‍රියවන විට අතුරුදහන්වූවන් අතර ඇමරිකානු පුරවැසියන් 90 දෙනෙකු සහ ඕස්ට්‍රේලියානුවන් 40 ක් පමණ සිටිනා බව එම දෙරටේ තානාපති ආරංචිමර්ග පවසයි . මෙම ඇමරිකානු සහ ඕස්ට්‍රේලියානු සංචරකයන්ගෙන් බහුතරය හින්දු, බෞද්ධ සහ වෙනත් අය සඳහා පූජනීය ස්ථානයක් වන ටිබෙටයේ කයිලාෂ් කන්දට වන්දනා ගමනක යෙදී සිටියදී අනතුරට පත්ව අතිබව නේපාල ආරංචිමාර්ග පවසයි .