රථ වාහන දඩ govPay මගින් පමණයි .

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ ක්‍රියාත්ම කරන ලද ව්‍යාපෘති සහ වැඩසටහන්වල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (19) ජනාධිපති කාර්යාලයේදී පැවත්විනි .

මෙම වසර අගදී පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට සහ මෙම සැප්තැම්බර් මාසයේ සිට සියලුම රථ වාහන දඩ මුදල් ගෙවීම govPay මගින් පමණක් සිදු කිරීමට සැලැසුම් කර ඇති බව එහිදී අනාවාරණය වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි .

රජයේ ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය සඳහා ශක්තිමත් දායකත්වයක් සැපයිය හැකි අන්දමින් රාජ්‍ය සේවයේ තොරතුරු තාක්ෂණ අවශ්‍යතා සඳහා තොරතුරු තාක්ෂණ සේවාව දීප ව්‍යාප්ත සේවාවක් ලෙස ස්ථාපිත කිරීමට අවධානය යොමු කරන ලෙසද ජනාධිපති අනුර කුමාර දිසානායක එම සාකච්චාවේදී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

තවද වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඩොලර් බිලියන 30ක් දක්වා ඉහළ නංවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතන විසින් මේ වන විට ක්‍රියාවට නංවනු ලැබ තිබෙන ව්‍යාපෘති සහ වැඩසටහන්වල ප්‍රගතිය ද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක්කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.