හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සහෝදරයා වන සරත් වීරවංශ මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත .
රජයේ වාහන අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තා වේ .
අද (16) ගම්පහ ප්‍රදේශයේදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සිදුකළ මෙහෙයුමකදී සැකකාර සරත් වීරවංශ අත්අඩංගුවට ගෙන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත. එහිදී ඔහු ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇත .