ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .
“ඔපෙක් ප්ලස් (OPEC+) සංවිධානය විසින් එළඹෙන අගෝස්තු මාසය සඳහා වන නිෂ්පාදන ඉලක්ක ඉහළ නැංවීමත්, ඇමරිකාව සහ ඉරානය අතර ක්‍රියාත්මක සාම සාකච්චා නිසා ගල්ෆ් කළාපයේ පවතින යුධ මුක්ත තත්ත්වයත් හේතුවෙන් මෙලෙස ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ වැටීමට හේතුව බව වාර්තා වේ.
එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යළිත් සාමාන්‍ය පරිදි තෙල් අපනයනය ආරම්භ වීම මෙලෙස ලෝක සැපයුම ඉහළ යාමට හේතු වී ඇති බවය.
ඊයේ පස්වරුව වනවිට බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 71.78ක් දක්වා පහළ ගොස් ඇති අතර, අමෙරිකානු WTI බොරතෙල් බැරලයක් ඩොලර් 68.48ක් ලෙස සටහන්ව ඇත.