2026 සාහිත්‍යය සඳහා වන නොබෙල් ත්‍යාගය කැනඩාවේ ඈන් කාර්සන් දිනාගනී .

“සම්භාව්‍ය සම්ප්‍රදාය සමඟ ක්‍රීඩාශීලී සංවාදයක යෙදෙමින් සමකාලීන සාහිත්‍යය සඳහා නව ආකෘති නිර්මාණය කළ ඇයගේ නිර්භීත සහ නව්‍ය නිර්මාණකරණය වෙනුවෙන්” කැනේඩියානු කවියෙකු සහ ලේඛිකාවක වන ඈන් කාර්සන් (Anne Carson) හට 2026 සාහිත්‍යය සඳහා වන නොබෙල් ත්‍යාගය හිමි වූ බව ස්වීඩන් ඇකඩමිය බ්‍රහස්පතින්දා නිවේදනය කළේය.

ස්වීඩන් ක්‍රෝනර් මිලියන 12ක (ඇමරිකානු ඩොලර් මිලියන 1.2ක) වටිනාකමකින් යුත් මෙම ත්‍යාගය හිමිකරගත් ඈන් කර්සන් 2022 සිට අයිස්ලන්තයේ පුරවැසිකමද දරනා අතර සම්මානය නිවේදනය කරනා අවස්ථාවේදීද ඇය එහි පදිංචිව සිටින්නීය .

කාර්සන්ගේ නිර්මාණ බොහෝ විට පද්‍ය, ගද්‍ය, සංවාද සහ පරිවර්තන එකිනෙක මුසු කරමින් සාම්ප්‍රදායික සාහිත්‍ය ශානරයන්ට කොටු නොවන ආකාරයේ නිර්මාණ බවට පත්වීම මෙම සම්මානය ඇයට හිමිවීමට විශේෂ හේතුවක් ලෙස සාහිත්‍ය විංහාරකයෝ පවසති . සම්භාව්‍ය ග්‍රීක සාහිත්‍යයේ පරිවර්තන සඳහා පුළුල් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින ඇය නව කථාකටනයේදි යෙදෙන්නීය .