ජාතික ප්‍රවහන ප්‍රතිපත්තියට අනුව සිදුකරනා වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මක වෙයි .
මෙම ගාස්තු සංශෝධනයට අනුව සියයට 12 සිට සියයට 20 දක්වා ප්‍රතිශතාත්මකව බස් ගාස්තු ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පසුගියදා අනුමැතිය ලබා දුන්නේය.
ඒ අනුව මෙතෙක් රුපියල් 30 ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 34 ක් වන අතර ඊට සමගාමීව සුඛෝපභෝගී බස් රථ ගාස්තුව සහ අධිවේගී මාර්ගවල බස් රථ ගාස්තුව ද ඉහළ දමා ඇත.
ක්‍රියාත්මක වන නව බස් ගාස්තු සංශෝධනය පිළිබඳව බස් රථ සේවකයින් දැනුවත් කර, ප්‍රවේශපත්‍ර යන්ත්‍ර යාවත්කාලීන කර ගැනීමට ද උපදෙස් ලබාදී ඇති අතර, ඒ සම්බන්ධයෙන් අද සිට දිවයින පුරා පරීක්ෂා කිරීමේ කටයුතු ද සිදුකිරීමට නියමිත බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ ප්‍රවේශපත් නිකුත් කිරීමේ යන්ත්‍ර යාවත්කාලීන කිරීමට තවත් දින 2ක් ගත වනු ඇති බවය.