ශ්රී ලංකා ක්රිකට් (SLC) ආයතනය විසින් ජාතික පිරිමි ටෙස්ට් කණ්ඩායමේ නව නායකයා ලෙස කුසල් මෙන්ඩිස්ව පත් කර තිබේ. ශ්රී ලංකා ටෙස්ට් කණ්ඩායම් නායකත්වයෙන් ධනංජය ද සිල්වා ඉල්ලා අස්වීමෙන් හේතුවෙන් ජාතික කණ්ඩායමේ නායකත්ත්වය පුරප්පාඩු විය .
නව ටෙස්ට් නායකයා ලෙස මෙන්ඩිස්ගේ පළමු කාර්යය වනුයේ පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියට නායකත්වය දීමයි.
මෙන්ඩිස් ටෙස්ට් තරග 75 කදී ශ්රී ලංකාව නියෝජනය කර ඇති පලපුරුදු ක්රීඩකයෙකි . ටෙස්ට්, එක්දින සහ 20 – 20 තරග 343 කට ශ්රී ලංකාව නියෝජනය කර ඇති පලපුරුදු ක්රීඩකයෙකි .