තමා විසින් පහර දුන් නිපුන් ඇතුළු සියලුම සේවකයන්ගෙන් මිස්ටර් කොත්තු අවන්හල් ජාලයේ හිමිකරු වන විරාජ් වික්‍රමනායක ප්‍රසිද්ධියේ සමාව අයදියි . එමෙන්ම සියළුම සේවකයන්ට අවශ්‍ය වන්දි මුදල් ගෙවීමටද තමා සූදානම් බව අධිකරණයේදී පොරොන්දු වූ බවද ඔහු පවසයි . ඇප ලබා ගැනීමෙන් අනතුරුව ඔහු විසින් නිකුත්කළ වීඩියෝවක මේ බව සඳහන් වෙයි .
පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ හඬ පට සහ සේවකයන්ට පහරදෙන ආරක්ෂිත කැමරා දර්ශන සියල්ල කෘතිම බුද්ධියෙන් සැකසුණු ඒවා නොවන බවත් සැබෑ වීඩියෝ බවට තමන් පිළිගන්නා බවද ඔහු එම වීඩියෝවේ සඳහන් කරයි .
තමන්ට සිදුවූ වැරදි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිදු දේශපාලන බලපෑමකින් තොරව පොලිසියට සහ අධිකරණයට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ සැලැස්වීම පිළිබඳව වත්මන් රජයට සහ ජනාධිපතිවරයාට තමන් ස්තූතිවන්ත වන බවත් ඔහු පෙන්වාදෙනවා.
තමා අඩුපාදු සහිත පුද්ගලයෙක් බව පිළිගන්න නමුත්, මෙලොව වැරදි සිදු කරන එකම පුද්ගලයා තමන් පමණක්දැයි සිතෙන තරමට සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ට දැඩි මඩ ප්‍රචාර සහ විවේචන එල්ල වූ බවත්ොහු සඳහන් කරයි.
තම ව්‍යාපාර ජාලය සඳහා දිවයිනේ ප්‍රසිද්ධ වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන කිහිපයකින්ම විශාල ලෙස ණය පහසුකම් ලබාගෙන ඇතිබවත්, මිස්ටර් කොත්තු ව්‍යාපාරය ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ පවත්වාගෙන යන බවත් ඔහු සඳහන් කරයි . මෙවැනි අසීරු අවස්ථාවක පවා තමන් කෙරෙහි විශ්වාසය තබා අවන්හල් වෙත පැමිණි පාරිභෝගිකයන් සියලු දෙනාටම ස්තූතිය පුද කර සිටින බවද ඔහු සිය වීඩියෝවේ සඳහන් කරයි .