පසුගිය දා වෙනිසුවේලාවට බලපෑ ප්‍රබල භූකම්පන ද්විත්වයෙන් අනතුරට පත්වුවන්ට සහන සලසමින් සිටිනා සහන සේවකයයෝ කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිරවී සිටි තුන් හැවිරිදි දරුවෙකු දින 6 කට පසු බේරාගෙන ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .
ක්ලයිබර් මොරාන් (Klieber Morán) ලෙස හඳුනාගෙන ඇති එම දරුවා ලා ගුවයිරා (La Guaira) ප්‍රාන්තයේ සුන්බුන් අතරින් මෙලෙස ගලවාගෙන ඇත්තේ ජෝර්දාන ගලවා ගැනීමේ කණ්ඩායමක් විසිනි. සහන සේවකයෝ දරුවාට ප්‍රථමාධාර ලබා දී කරාකස් නගරයේ රෝහලකට ඇතුළත් කර ඇත. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව වෙනිසියුලානු බලධාරීන් පවසයි.
මේ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා ඇත්තේ භූකම්පනයෙන් පීඩාවට පත් දස දහස් සංඛ්‍යාත ජනතාවට ආහාර, නවාතැන් සහ අත්‍යවශ්‍ය සහන ද්‍රව්‍ය හදිසි අවශ්‍යතාවක් පවතින බවය.
වාර්තාවට අනුව, රික්ටර් මාපකයේ 7.2 සහ 7.5 ප්‍රබලත්වයෙන් සිදුවූ භූකම්පන හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1,943 දක්වා ඉහළ ගොස් ඇති අතර, 10,000කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ. තවත් දහස් ගණනක් අතුරුදන්ව ඇති බවද සඳහන් වේ.