පරිසරයට කුණු දැම්මොත් මිලියන 20 දක්වා දඩ

රටේ සැබෑම ආයෝජනය දූ දරුවන්ගේ අධ්‍යාපනය සහ චරිත වර්ධනය බවත්, පරිසරයට ආදරේ කරන පෞරුෂවත් දරුවෙකු බිහි කිරීම රජයේ අරමුණ බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නීය .

අන්තරායකර අපද්‍රව්‍ය පරිසරයට එකතු කරමින් සොබාදහම විනාශ කරන අයට එරෙහිව රුපියල් මිලියන 20 දක්වා දඩ සහ සිරදඬුවම් පනවන නීති ගෙන ඒමට පියවර ගෙන ඇති බවද ඇය සඳහන් කළාය .

එමෙන්ම ආරක්ෂිත තෙත්බිම් විනාශ කරන අයට එරෙහිව රුපියල් මිලියන 1 සිට 10 දක්වා දඩ පැනවීමටත් පියවර ගෙන ඇති බව අගමැතිණිය පැවසූවාය . වසර 25කට පසු ජාතික පාරිසරික සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට සිය රජයට හැකි වූ බවත් ඒ හරහා සංවර්ධන ව්‍යාපෘතිවල පාරිසරික බලපෑම් ඇගයීම දැඩි කරන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී පැවසීය.

අගමැතිණිය මේ බව පැවසූවේ ජාතික නාමල් උයනේ 36 වන සංවත්සරයට එක්වෙමිනි . දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවාණා පර්වත පද්ධතිය සහ විශාලතම නා වනය පිහිටි ජාතික නාමල් උයන සැලකේ .