කන්ටේනර් 323 නිදහස් කිරීමේ වාර්තාව ලඟදීම පාර්ලිමේන්තුවට .

කොළඹ වරායෙන් අනිවාර්ය භෞතික පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සිය විමර්ශන කටයුතු අවසන් කර ඇත . එම කමිටුව එහි අවසාන වාර්තාව සකස් කරමින් සිටිනා අතර එය ඉදිරි සති කිහිපය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර එහි කෙටුම්පත ප්‍රථමයෙන් කාරක සභා සාමාජිකයන් අතර බෙදා හරින බවත්, ඔවුන්ගේ නිර්දේශ ද එකතු කර අවසාන වාර්තාව සකස් කිරීමට නියමිත බවත් කමිටු සාමජිකයෙක් මාධ්‍යට පවසා ඇත .

ශ්‍රී ලංකා රේගුව සහ වරාය මෙහෙයුම්වල පවතින නිෂ්කාශන පටිපාටි මෙන්ම අධීක්ෂණ කටයුතු පිළිබඳව ද දැඩි ප්‍රශ්න මතුවීමට මෙම ආන්දෝලනාත්මක සිදුවීම හේතු විය.

ස්කෑන් කිරීම සහ භෞතික පරීක්ෂාව අනිවාර්ය වන රතු සහ කහ කාණ්ඩවලට අයත් කන්ටේනර් රැසක් සැකකටයුතු ලෙස මෙලෙස නිදහස් කර ඇති බව විපක්ෂය චෝදනා කරයි .