එළැඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් දන්සැල් සහ තොරණ සංවිධානය කිරීමේදී ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කිරීම අනිවාර්ය කළයුතු බවත්, අනතුරු අවම කර ගැනීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවත්, මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර පැවසීය . ඔහු මේ බව පැවසූවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි .
“මහජනයාට ප්‍රදර්ශනයක් සිදුකරන දෙයක් කරනවා නම්, ස්ථානාධිපති සම්බන්ධීකරණයෙන් අවශ්‍ය මාර්ගෝපදේශ සපයන්න කියලා තියෙනවා. කොහොමද වාහන පාර්ක් කරන්නේ යන ආදි වශයෙන්. අපි කියන්නේ නෑ දන්සල් දෙන්න එපා කියලා. ඒක විධිමත්ව කරන්න. මේ පොසොන් එකට අනිවාර්යයෙන්ම ස්ථානාධිපතිවරු මැදිහත්වෙලා, විධිමත්ව දන්සල් සංවිධානය කරන්න.”
මේ අතර මාර්ගයේ සිදුවන අනතුරු පිළිබඳ පොලීසිය දැනුවත් නොකරන රියදුරන්ට එරෙහිව නීතිමට ක්‍රියාමාර්ග ගැනීම සඳහා පියවර ගන්නා බවද නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර අවධාරණය කළේය .
“අපේ තියෙන සංඛ්‍යා ලේඛන අනුව තියෙන අනතුරු ප්‍රමාණයට වඩා වැඩි අනතුරු ප්‍රමාණයක් වාර්තා වෙනවා. සමහර අවස්ථාවලදී අවධානයක් නොමැතිව ගිහින්, අනතුර වුණාට පස්සේ ඒක මහා මාර්ගයේම සමතයකට පත්කරනවා. පොලිස්පතිවරයා උපදෙස් දීලා තියෙනවා අනිවාර්යයෙන්ම හැම අනතුරක්ම වාර්තා කරලා, රිය අනතුරු ලේඛන ගත කරන්න. පැය 24ක් තුළ අනතුරක් වාර්තා නොකළොත් ඒක වරදක්. ඒක වාර්තා කිරීම රියදුරුගේ වගකීමක්. එහෙම නැතු වුණොත් අනතුර වාර්තා නොකිරීම කියන වැරැද්දටත් යටත් වෙනවා.”