පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්යානයේදී ආරම්භ කර ඇති සත්යග්රහය අද (25) 10 වන දිනටත් පැවැත්වෙයි.
පසුගිය 16 වැනිදා විහාරමහා දේවි උද්යානයට වැඩම කළ ස්වාමින් වහන්සේලා විසින් මෙම සත්යග්රහය ආරම්භ කළ අතර, එදින සිට මේ දක්වාම උන් වහන්සේලා ඇතුළු පිරිස එම භූමියේ රැඳී සිටී. සත්යග්රහයේ නිරත ස්වාමීන්වහන්සේලා සඳහන් කරනුයේ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරගන්නා තෙක් මෙම ස්ථානයෙන් ඉවත් නොවන බවය.