විහාරමහාදේවී උද්‍යනයේ සත්‍යග්‍රහය අත්හිටවයි .

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරගැණීමේ කටයුත්තට මැදිහත්වීමට ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් මැදිහත්වන බවට දුන් පොරොන්දුව මත තම සත්‍යග්‍රහය තාවකාලිකව අවසන් කරනාබව පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පැවසූහ . උන්වහන්සේ මේ බව පැවසූවේ අද පස්වරුවේ විහාරමහාදේවී උද්‍යානයේ දින දහයක් පවත්වාගෙන ආ භික්ෂූ සත්‍යග්‍රහය නිමකරමින් පැවැති මාධ්‍ය හමුවේදීය .

ඥානසාර හිමි නිදහස් කරගැනීම සඳහා මැදිහත්වන බව ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ලිඛිතව තමන් වෙත දන්වා ඇති බවත්, එම හේතුවෙන් තම සත්‍යග්‍රහය තාවකාලිකව අවසන් කරනා බවත් උන්වහන්සේ සඳහන් කළේය .