කල්පිටිය වෙරළ තීරයේදී පොලිස් නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා භටයින් පිරිසක් අතර ගටුමක් ඇතිව තිබේ . මෙම මතභේදාත්මක තත්ත්වයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය මේවන විටත් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතිබව වාර්තා වේ .
මුහුදු මාර්ගයෙන් මෙරටට හොර රහසේ රැගෙන ආ බවට සැකකෙරෙන නීතිවිරෝධී භාණ්ඩ තොගයක් වැටලීම සඳහා පොලිස් කණ්ඩායමක් කල්පිටිය වෙරළ කළාපය වෙත ගොස් ඇති අතර, එහිදී මෙම ගැටුම සිදු වී ඇත.
පොලිස් නිලධාරීන් එම ස්ථානයට ළඟා වූ අවස්ථාවේදී එම වෙරළ තීරය තමන්ගේ සෘජු බල ප්‍රදේශයට සහ අධිකාරියට අයත් වන බව පවසමින් ගුවන් හමුදා භටයින් එලෙස බාධා කිරීමත් සමඟ දෙපාර්ශවය අතර දැඩි වාචික සංවාදයක් හටගෙන තිබේ.