රතු මුහුද සහ සූවස් ඇළ හරහා බහාලුම් නෞකා ගමනාගමනය යළි යථා තත්ත්වයට පත්වීමත් සමඟ හම්බන්තොට ජාත්යන්තර වරායට නව ව්යාපාරික අවස්ථා රැසක් නිර්මාණය වීමේ ඉඩකඩ පවතිම්මේ යයි හම්බන්තොට ජාත්යන්තර වරාය සමූහය (HIPG) පවසනවා.
සමුද්රීය උපදේශන ආයතනයක් වන ‘ලයිනර්ලිටිකා’ (Linerlytica) ආයතනයේ පුරෝකථනයන්ට අනුව, 2027 පළමු කාර්තුව වන විට බහාලුම් නෞකා විශාල වශයෙන් යළි සූවස් මාර්ගය භාවිත කරනු ඇතැයි අපේක්ෂා කෙරෙයි .
කෙසේ වෙතත් එම ක්රියාවලියේ වේගය කළපීය ආරක්ෂාව සහ නෞකා සමාගම්වල මෙහෙයුම් තීරණ මත තීරණය වනු ඇති. රතු මුහුදේ මීට පෙර හටගත් අර්බුදකාරී වාතාවරණය හම්බන්තොට වරාය බහාලුම් ප්රතිනැව්ගත කිරීමේ (transshipment) කටයුතුවලට පිවිසීම වේගවත් කළ සාධකයක් බව පැවසේ.
කොළඹ වරායේ පැවති තදබදය හමුවේ 2024 අප්රේල් මාසයේ සිට අතිරේක භාණ්ඩ මෙහෙයුම් ආරම්භ කළ හම්බන්තොට වරාය සිය ධාරිතාව පුළුල් කිරීම වෙනුවෙන් නව උපකරණ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 149ක් ආයෝජනය කිරීමටද පියවර ගෙන ඇත .
මීට අමතරව අප්රික්කාවේ සුබ පැතුමේ තුඩුවේ සිට ගමන් ගන්න නෞකාවලින් අවම වශයෙන් 65% වත් නැවත සූවස් ඇල භාවිත කළහොත් එම නෞකා හම්බන්තොට වරායට ඉතා ආසන්නයෙන් ගමන් කරනු අතිබවත්, එවැනි නෞකා සඳහා ඉන්ධන සැපයීම (bunkering), වැනි සේවාවන් සඳහා පවතින ඉල්ලුම සීඝ්රයෙන් ඉහළ යනු ඇතැයි වාර්තා වේ .
ඒ අනුව ඉදිරියේදී බහාලුම් ප්රතිනැව්ගත කිරීම, දේශීය භාණ්ඩ හැසිරවීම, කාර්මික මෙහෙයුම් සහ නෞකා සේවාවන් ඒකාබද්ධ කරමින් හම්බන්තොට ජාත්යන්තර වරාය කලාපයේ ප්රමුඛතම සමුද්රීය මධ්යස්ථානයක් බවට පත්කිරීමට අපේක්ෂා කරන බවද හම්බන්තොට ජාත්යන්තර වරාය සමූහය වැඩිදුරටත් සඳහන් කරනවා.