යෝෂිතට ඇප .

නාවික හමුදාවට බැඳීමේදී සිදුවූ අක්‍රමිකතාවයක් පිළිබඳව අල්ලස් හෝ දූෂණ වැලැක්වීමේ කොමිසම විසින් අද පෙරවරුවේ අත් අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ, ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (17) නියෝග කළේය .

ඇප කොන්දේසි ලෙස රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇපකරුවන් තිදෙනෙකු ඉදිරිපත් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, යෝෂිත රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම් කිරීමටද නියෝග කළේය .

අදාළ නඩුව අද (17) කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් මෙන්ම සැකකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා විසින් මෙම නියෝගය නිකුත් කළා.