Pizza Hut විකුණා දමයි .

ක්ෂණික ආහාර අලවියේ ලෝක ප්‍රසිද්ධ සන්නාමයක්වන Yum! Brands සමාගම, ලොව පුරා අතිශය ජනප්‍රිය Pizza Hut සන්නාමය ඇමරිකානු ඩොලර් බිලියන 2.7කට විකුණා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ . පසුගිය කාලය පුරාම පීසා හට් සමාගම මුහුණ දුන් දැඩි මූල්‍ය අර්බුද සහ ලාභය පහත වැටීම හෙතුවෙන් මෙම තීරණය ගෙන ඇතිබව පැවසේ.

මෙම මහා පරිමාණ විකිණීම චීනය තුළ සහ චීනයෙන් පිටත ලෙස කොටස් දෙකකික් යුතුව සිදු කිරීමට නියමිතය. ඒ අනුව චීනයෙන් පිටත සියලුම මෙහෙයුම් LongRange Capital නම් පෞද්ගලික සමාගමක් විසින් ඩොලර් බිලියන 1.5 කට මිලදී ගනු ඇත . චීනය තුළ මෙහෙයුම්: Yum China Holdings සමාගම විසින් ඩොලර් බිලියන 1.2කට මිලදී ගැනීමට නියමිතය.

ලෝකයේ බොහෝ රටවල් මුහුන දෙමින් සිටිනා ආර්ථික උද්ධමනය හමුවේ පාරිභෝගිකයින් මිල අඩු විකල්ප සෙවීම Pizza Hut හී ඇද වැටීමට ප්‍රධාන හේතුවක් බවත්, Domino’s, Papa John’s, සහ Little Caesars වැනි ප්‍රතිවාදී සමාගම් සහ කුඩා සමාගම් රැසක් පීසා වැඩි වට්ටම් සහිතව පිසා අලවියට පිවිසීම Pizza Hut හී ඇද වැටීම කඩිනම් කළ බවත් ජාත්‍යන්තර මාධ්‍ය පවසයි .