පකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර දේශසීමා කළාපයේ පැවැති මාස කිහිපයක සාමකාමී වාතාවරණය බිඳදමමින්, පකිස්තාන ගුවන් හමුදාව විසින් ඇෆ්ගනිස්තාන දේශසීමා ඉලක්ක වෙත දරුණු ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබේ .
පකිස්තාන භූමිය තුළ ත්‍රස්ත ක්‍රියවන් හී යෙදෙන්නන්ට ඇෆ්ගනිස්තානය විසින් රැකවරණය ලබාදෙන බවට පකිස්තානය දිගින් දිගටම චෝදනා කරමිනි සිටී . සිය ප්‍රහාර මගින් මඟින් ත්‍රස්තවාදී ඉලක්ක 4 ක් විනාශ කර සටන්කාමීන් 26 දෙනෙකු ද විනාශ කර ඇති බවයි පකිස්තාන ජනමාධ්‍ය අමාත්‍ය අතාවුල්ලා තාරාර් මාධ්‍යට පවසා තිබේ.
එහෙත් ඇෆ්ගනිස්ථානයේ පාලන බලය හිමි තලෙයිබාන් රජය පාක්ස්ථානයේ චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.
ප්‍රහාර හේතුවෙන් ළමුන් 11 දෙනෙකු ඇතුළු සිවිල් වැසියන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි