දැනට පවතින මනාප (සමානුපාතික) නියෝජන ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නැතිබව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසූවාය .
පළාත් සභා තුළ කාන්තා සහ තරුණ නියෝජනය ප්‍රමාණවත් පරිදි තහවුරු විය යුතු බව පැවසූ අගමැතිණිය ඒ සඳහා පවතින මැතිවරණ ක්‍රමය සංශෝධනය විය යුතු බවද පැවසූවාය . එසේ කිරීමකින් තොරව මැතිවරණයක් පැවැත්වීම නිශ්පල ක්‍රියාවක් බව පැවසූ ඇය පළාත් සභා මැතිවරණය පවත්වනු ලබන්නේ නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීමෙන් පසුව පමණක් බව පැවසූවාය .
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මේ බව පැවසූවාය .