භික්ෂූ විනය සම්බන්ධයෙන් පියවර ගත යුතු ආකාරය පිළිබඳව ක්‍රමවේදයක් ඇති බවත් ඊට අදාළ කැබිනට් පත්‍රිකා සකසා ඒවා මහා නායක හිමිවරුන් ප්රමුඛ මහා සංඝරත්නයට ඉදිරිපත් කර ඉන් පසුව තීරණ ගත යුතු බව එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි .
රජයට සම්බන්ධ සමාජ මාධ්‍ය මඟින් ශාසනයත්, බුදුදහමත් විනාශ කිරීමේ සංවිධානාත්මක වැඩසටහනක් අද ක්‍රියාත්මක කරගෙන යන අතර, ඊට සිවිල් සමාජයේ කොටසක්ද සම්බන්ධ කරගෙන සිටින බව එක්සත් ජාතික පක්ෂය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
හැමවිටම අද සිදුවන්නේ බෞද්ධ පැවිදි – ගිහි මතය කොන් කිරීමක් බවත් , රටේ පවතින සම්ප්‍රදායන් සුරැකීම වැදගත් බවත් අදාළ නිවේදනයේ දැක්වෙයි .