බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ස්ථාපිත කිරීමට නියමිත ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු සංඛ්‍යාව 12ක් දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව, දැනටමත් අනුමත කර ඇති ගේට්ටු 04 ට අමතරව තවත් ගේට්ටු 08 ක් මිලදීගෙන ස්ථාපනය කිරීමට නියමිත අතර, ඒ සඳහා විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ කටයුතු ආරම්භ කිරීමට අනුමැතිය ලබාදී ඇති බව සඳහන්.
ගුවන්තොටුපොළ සඳහා ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු 04 ක් මිලදීගෙන සවි කිරීමට 2025 මැයි 19 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මීට පෙර අනුමැතිය හිමිව තිබුණා.
මේ අතර, 2027 වසරේදී හඳුන්වාදීමට නියමිත ඊ-පාස්පෝට් ක්‍රමවේදයට සමගාමීව, මෙතෙක් ශ්‍රී ලාංකිකයින් සඳහා පමණක් සීමා වී තිබූ මෙම පහසුකම මෙරටට පැමිණෙන සහ මෙරටින් පිටවන විදේශිකයින්ට ද භාවිත කළ හැකි පරිදි පුළුල් කිරීමට නියමිතය .