දෙහිවල සත්වෝද්‍යානයේදී උපත ලද නයිල් හිපොපොටේමස් පැටවා සඳහා තෝරාගත් ජයග්‍රාහී නම එළඹෙන ඔක්තෝබර් 01 වැනි දින ලෝක ළමා දිනයට සමගාමීව ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
මෙම කුඩා හිපොපොටමස් පැටවාට නමක් තැබීම සඳහා දරුවන්ගෙන් ලැබුණු යෝජනා රාශියක් අතරින් මෙම නම තෝරාගෙන ඇත. එම නම යෝජනාකළ ජයග්‍රාහකයාට එදින විශේෂ ත්‍යාගයක් පිරිනැමීමටද නියමිතය .
ඒ අනුව හිපොපොටේමස් පැටියා සඳහා තෝරාගත් අලුත් නම දැනගැනීමට ලෝක ළමා දින උත්සවයට දෙහිවල සත්ව උද්‍යානය වෙත පැමිණෙන ලෙස නරඹන්නන්ට ආරාධනා කරයි.