යහපාලන ආණ්ඩුව දැමූ නඩුවකින් උදය ගම්මන්පිල නිදොස්කොට නිදහස් .

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කර රුපියල් මිලියන 21ක සාපරාදී විශ්වාසය කඩ කළ බවට පවරා තිබූ නඩුවෙන් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය ඊයේ නියම කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්නා සුවඳුරුගොඩ මහත්මිය මෙම තීන්දුව ලබා දුන්නාය .

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරිය සඳහන් කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නොමැති බවය. ඒ අනුව විත්තිකරු නිදොස් කොට නිදහස් කරන ලෙස විනිසුරුවරිය නියෝග කළාය .

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නමැත්තාට අයත් සමාගම් කොටස් ව්‍යාජ ඇටෝනි බලපත්‍ර හැකි යොදාගෙන අලෙවි කිරීමෙන් රුපියල් මිලියන 21ක සාපරාදී විශ්වාසය කඩ කළ බවට චෝදනා කරමින් උදය ගම්මන්පිලට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබුණි.