”විදුලි සහ ඉන්ධන ගාස්තු වැඩි කලා මදි” IMF කියයි .

ශ්‍රී ලංකාවේ විදුලිය සහ ඉන්ධන මිල නියම කිරීමෙ ක්‍රමවේදය IMF ආයතනය සිය කනස්සල්ල පලකරයි . විදුලිය සහ ඉන්ධන අලවිකිරීමේදී ඒවා නිෂ්පාදනය කිරීමට හා සැපයීමට වැය වන සැබෑ පිරිවැය නිරූපණය වන පරිදි මිල සූත්‍ර සක්‍රිය කළ යුතුනමුත් ශ්‍රී ලංකාව එම ක්‍රමය නිවැරදිව ජ්‍රියාවට නගා නැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය නවතම කාර්ය මණ්ඩල වාර්තාව මඟින් පෙන්වාදෙයි .

එම ආයතනය පෙන්වා දෙන්නේ විදුලි ඒකකයක් නිපදවීමට වැය වන සැබෑ වියදම පාරිභෝගික ගාස්තු මඟින් නැවත අයකර ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමට ජනවාරි මාසයේ සිට මෙතෙක් ලංකාව අසමත්ව ඇති බවයි.

ඉහළ යමින් පවතින නිෂ්පාදන පිරිවැයට සාපේක්ෂව විදුලි මිල ගණන් යළි සමාලෝචනය නොකිරීම මීට හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇතිබව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි .

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සම්බන්ධයෙන්ද පවතිනුයේ එම තත්ත්වයම බවත්, මැදපෙරදිග අර්බුදය හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ ගිය ද, පසුගිය අප්‍රේල් මාසයේ සිට මෙරට ක්‍රියාත්මක වන්නේ සැබෑ පිරිවැය ආවරණය නොවන ගාස්තු ක්‍රමයක් බව මූල්‍ය අරමුදල පෙන්වාදෙයි .

කෙසේ වුවද, දැනට පවතින ඉන්ධන සහන ලබා දීමේ ක්‍රියාවලිය එළඹෙන සැප්තැම්බර් මාසයේදී සම්පූර්ණයෙන්ම අවසන් වන බවත්, සැබෑ පිරිවැය ආවරණය වන පරිදි පැහැදිලි විදුලි ගාස්තු නිර්ණායක සකස් කිරීමට සිය තාක්ෂණික කණ්ඩායමේ සහාය ශ්‍රී ලංකාවට ලබා දීමට සූදානම බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි .