රඹුක්කන සිට ගලගෙදර දක්වා මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් ඇරඹේ .

මධ්‍යම අධිවේගි මාර්ගයේ තුන්වැනි කොටසේ දෙවැනි අදියර යටතේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටසේ ඉදිකිරීම් කටයුතු අද (29) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අනුරාධ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, කිලෝමීටර් 18.7ක දුර ප්‍රමාණයක් මෙම අදියර යටතේ ඉදිකිරීමට නියමිත බවය.

ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ පොතුහැර සිට රඹුක්කන දක්වා කොටසේ ඉදිකිරීම් මේ වනවිට සිදු කෙරෙන අතර, ඒ සඳහා රුපියල් බිලියන 78 ක මුදලක් වැයවෙයි. එම කටයුතු ලබන වසරේ මැද භාගය වනවිට අවසන් කිරීමට අපේක්ෂා කෙරෙන බව වාර්තා වෙයි.
දෙවැනි අදියරේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටස සංවර්ධනය කිරීම සඳහා රුපියල් බිලියන 112.4ක මුදලක් වැය කිරීමට නියමිතය. මෙම මුදල් දේශීය ප්‍රතිපාදන මගින් ලබාගැනීමට නියමිතය.