බියර් නිෂ්පාදනයේදී සහල් සහ සීනි ප්‍රාථමික අමුද්‍රව්‍ය ලෙස භාවිත කිරීම සඳහා අනුමැතිය ලබා නොදෙන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට සහ අනෙකුත් බලධාරීන්ට නියෝග කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇත .
බලපත්‍රලාභී මත්පැන් සිල්ලර වෙළෙන්දන් පිරිසක් විසින් ගොනු කරන ලද මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්, සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිලධාරීන්, නීතිපතිවරයා, පොලිස්පතිවරයා සහ තවත් කිහිප දෙනෙකු නම් කර ඇත.
සුරාබදු ආඥා පනතේ 2 වැනි වගන්තිය යටතේ ‘බියර්’ මෝල්ට්වලින් සාදන ලද පැසුණු මධ්‍යසාර පානයක් ලෙස අර්ථ දක්වා ඇති බව පෙන්වාදෙන පෙත්සම්කරුවෝ වර්තමානයේ
බියර් නිෂ්පාදනයේ ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සහල් සහ සීනි භාවිත කරන බවත්, එය සුරාබදු නීතියේ විධිවිධානවලට පටහැනි බව පවසති .
රාජ්‍ය අරමුදල්වලින් සැළකිව යුතු මහජන සහනාධාර සහිතව නිෂ්පාදනය කරන සහල්, බියර් නිෂ්පාදනය වැනි වාණිජ කර්මාන්තවලට යොමු කරන බවත්, එමඟින් ජාතික ආර්ථිකයට අහිතකර බලපෑම් ඇති කරන බවටත් ඔවුහු පවසති .