අධිකරණයේදී කබ්‍රාල්ට සිය අත්සන ප්‍රශ්ණයක් වෙයි .

කොළඹ ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණය ඉදි­රියේ පවරා තිබූ අල්ලස් නඩු­ව­කට අදා­ළව ඇප නියම වීමෙන් පසු හිටපු මහ බැංකු අධි­පති අජිත් නිවාඩ් කබ්රාල් ඇප බැඳු­ම්ක­ර­යට ඊයේ (18) තැබූ අත්සන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති මුදල් නෝට්ටු­වල දැක්වෙන ඔහුගේ සුප්‍ර­කට අත්ස­නට වඩා සපුරා වෙනස් එකක් බව මහා­ධි­ක­රණ කාර්ය මණ්ඩ­ලයේ නිරී­ක්ෂණ­යට ලක්ව ඇතිබව වාර්තා වේ.

මේ පිළි­බඳ අධි­ක­රණ නිල­ධා­රීන් විසින් වහාම විත්ති­කාර හිටපු මහ බැංකු අධි­ප­ති­ව­ර­යා­ගෙන් විම­සී­මක් කර ඇත . ඊට පිළිතුරු දෙමින් ඔහු පවසා ඇත්තේ මුදල් නෝට්ටු­වල දැක්වෙන්නේ සිය අත්සන නොව නම බවයි . ඇප අය­දු­ම්පත සඳහා යොදනු ලැබුවේ තමන්ගේ සාමාන්‍ය නිල රාජ­කාරි අත්සන බව ඔහු එහිදී පවස ඇත .

හිටපු මහ බැංකු අධි­ප­ති­ව­ර­යාගේ මෙම පැහැ­දිලි කිරී­මත් සමඟ අධි­ක­රණ කාර්ය මණ්ඩ­ලය මුහුණ දුන් ගැට­ලු­කාරි තත්ත්වය සම­නය වූ අතර අන­තු­රුව අදාළ ඇප ලේඛන කට­යුතු සාර්ථ­කව නිමවා ඔහුට අධි­ක­රණ පරි­ශ්‍ර­යෙන් පිටව යෑමට අව­සර ලැබුණි .