ශ්‍රී ලංකාවේ ප්‍රතම කාන්තා උප සරුභාවය පිළිබඳ වෛද්‍ය ඒකකය විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට කරාපිටිය ජර්මානු-ශ්‍රී ලංකා මිත්‍රත්ව කාන්තා රෝහලේ කාන්තා උප සරුභාවය පිළිබඳ වෛද්‍ය ඒකකයක් ස්ථාපනය කර තිබේ .

එම උත්සවය ඊයේ පැවැති අතර එම අවස්ථාවට එක්වූ කාන්තා උප සරුභාවය පිළිබඳ වෛද්‍ය ඒකකය භාර නාරිවේද වෛද්‍ය දීපානි ජාසිංහ පැවසුවේ රෝහලේ මෙම නව ඒකකය දකුණු පළාතේ සහ තවත් ප්‍රදේශ කිහිපයක කාන්තාවට ඉමහත් ප්‍රතිලාභ ලබා දෙනු ඇති බවයි. එය ශ්‍රී ලංකාවේ පළමු කාන්තා උප සරුභාවය පිළිබඳ වෛද්‍ය ඒකකය බව ඇය පැවසූවාය .

මෙම වැඩසටහන යටතේ ඉදිකරන ලද කාන්තාවන්ගේ ප්‍රජනන පද්ධතිය අශ්‍රිත පිළිකා ශල්‍ය ඒකකයක් (Gynecological Oncology Surgical Unit) විවෘත කිරීමද ඊයේ සිදුවූ අතර විශේෂඥ වෛද්‍ය කැලුම් ජයසිංහ එම ඒකකය බාරව කටයුතු කරයි .

දැනට පවතින පහසුකම් සහිතව දිනකට උපරිම නාරිවේද සැත්කම් 15 ක් සිදු කළ හැකි බවත්, නව ශල්‍ය ඒකකය විවෘත කිරීමෙන් පසු එය විශාල ප්‍රමාණයකට වැඩි කළ හැකි බවත් ඔහු පැවසීය. දකුණු පළාතෙන් සහ සබරගමුව සහ ඌව පළාත්වලින් රෝගීන් 100 ක් පමණ සෑම දිනකම පාහේ නාරිවේද ඔන්කොලොජි ඒකකයෙන් ප්‍රතිකාර ලබා ගන්නා බව ඔහු පැවසීය.

ජර්මානු – ශ්‍රී ලංකා මිත්‍රත්ව කාන්තා රෝහලේ අධ්‍යක්ෂ කේ. එල්. එම්. සෝමරත්න පළමු රෝගියා ඇතුළත් කළේය.