මහින්ද අල්ලස් හෝ දුෂණ කොමිසම හමුවට කැඳවයි .

එයාර් බස් ගනුදෙනු විමර්ශනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා මැයි 12 වන දින ශ්‍රී ලංකා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සිතාසි නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසන පරිදි, 2026 මැයි 12 වන දින කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රාජපක්ෂ මහතාට දැනුම් දෙන ලිපියක් අද (මැයි 9) ඔහුගේ කාල්ටන් නිවසට භාර දී ඇත .

එයාර් බස් ගනුදෙනුවට අදාළ විමර්ශනවලට සම්බන්ධ වී සිටි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සැකකටයුතු ලෙස මියයාමෙන් පැය 24 කටත් අඩු කාලයකට පසු මෙම කැඳවීම හිටපු ජනාධිපතිවරයාවෙත ලැබී ඇත .