මාදම්පිටිය පොලීසිය විසින් සිදුකළ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 501ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අද (22) අලුයම මාදම්පිටිය, සත්හිරු සෙවණ මහල් නිවාසය අසල නවතා තිබූ ත්‍රීරෝද රථයක සිටි සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් පරීක්ෂා කිරීමේ දී ඔවුන් සන්තකයේ තිබී මෙම අයිස් තොගය සොයාගෙන ඇත.
24 හැවිරිදි සහ 29 හැවිරිදි පසුවූ මෙම තරුනයන් දෙදෙනා වැල්ලම්පිටියේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි . මාදම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.