සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පැහැරගත් නෞකවේ ශ්‍රීලාංකික නාවිකයෙක් .

මුහුදු කොල්ලකරුවන් විසින් සෝමාලියානු වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී පැහැරගත් ඉන්ධන ප්‍රවාහන නෞකාවේ කාර්ය මණ්ඩලයේ ශ්‍රී ලාංකික නාවිකයෙක්ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පැහැරගත් නෞකාවේ ශ්‍රී ලාංකික නාවිකයෙක් ඇතුළුව නාවිකයන් 17 දෙනෙකු සිටිනා බවත්, ඒ සියළු දෙනා සමග නෞකාව සොමාලියානු වෙරළට සමීපව නැංගුරම් ලා ඇති බවත් වාර්තා වේ . නෞකා කාර්ය මණ්ඩලයට ශ්‍රී ලාංකිකයෙකු, පකිස්තාන ජාතිකයින් 10දෙනෙකු, ඉන්දුනීසියානු ජාතිකයින් සිව්දෙනෙකු සහ ඉන්දිය ජාතිකයෙකු මෙන්ම මියන්මාර ජාතිකයෙකු ද අයත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

ඉන්ධන බැරල් 18,500ක් ප්‍රවාහනය කරමින් තිබූ අදාළ නෞකාව පසුගිය බදාදා රාත්‍රියේදී තුවක්කුකරුවන් පිරිසක් සිය භාරයට ගන්න ලදි .

කෙසේවෙතත් සෝමාලියානු බලධාරීන් හෝ සෝමාලියානු මුහුදු තීරයේ මුහුදු කොල්ලකෑම් මර්දනය කරන මෙහෙයුම් අධීක්ෂණය කරන යුරෝපීය නාවික හමුදාව මේ සම්බන්ධයෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නොමැත.