ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම ඉහළ යයි.

2026 වසරේදී ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පුරෝකථනය කර ඇත .

මැද පෙරදිග කලාපයේ පවතින භූ දේශපාලනික අර්බුද සහ ගෝලීය තෙල් වෙළඳපොළේ අස්ථාවරත්වය හේතුවෙන් ඉදිරි කාලයේ තෙල් මිල ඉහළ මට්ටමක පවතිනු ඇතැයි අපෙක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාවේ සමස්ත ආනයන වියදමේ විශාල කොටසක් ඉන්ධන සඳහා වැය වේ. පසුගිය වසර 10 තුළ සාමාන්‍යයෙන් මුළු ආනයන වලින් 20% කට ආසන්න ප්‍රමාණයක් ද්‍රී ලංකාව වැය කර ඇත්තේ ඉන්ධන ආනායනය සඳහාය .

එහෙත් ජාත්‍යන්තර වෙළඳපොළේ මිල වෙනස්වීම් අනුව බොරතෙල් බැරලයක සාමාන්‍ය ආනයන මිල 2024 වසරේදී එ.ජ. ඩොලර් 84.7 සිට 2025 වසරේදී එ.ජ. ඩොලර් 73.2 දක්වා පහත වැටී ඇති බවද එම වාර්තාව සඳහන් කරයි.