මහනුවර – කොළඹ මාර්ගය පහළ කඩුගන්නාව ප්රදේශයෙන් යළි වසා දමා තිබේ.
කෑගල්ල දිස්ත්රික් ලේකම් ජේ.එම්.හේරත් පැවසුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කළ දැනුම්දීමක් මත අද පස්වරුවේ සිට එම මාර්ගය වසා දැමීමට පියවර ගත් බවය.
පසුගියදා සිදුවූ නායයෑමක් හේතුවෙන් එම මාර්ගය අවස්ථා කිහිපයකදී තාවකාලිකව වසා දැමුණු අතර ඊයේ පස්වරුවේ සිට එය යළි ගමනාගමනය සදහා විවෘත කිරීමට පියවර ගැණුනි.