වාණිජ නෞකා සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කෙරෙයි .

සියලුම වාණිජ නෞකාවන්ට ගමන්කිරීම සඳහා ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම විවෘත කර ඇති බව ඉරාන විදේශ අමාත්‍යංශය පවසයි .

නිවේදනයක් නිකුත්කරමින් ඉරාන විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ, ලෙබනනයේ සටන් විරාමයට අනුකූලව මෙම තීරණය ගත් බවය. ඒ අනුව සටන් විරාම කාලය තුළ ඉරානය විසින් ප්‍රකාශයට පත් කරන ලද සම්බන්ධීකරණ මාර්ගයක් ඔස්සේ හෝමූස් හරහා සියලුම වාණිජ නෞකාවන්ට ගමන්කිරීමට අවස්ථාව උදාවේ.