ඉන්දීය උප ජනාධිපති ශ්‍රි ලංකාවට

ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී. පී. රාධක්‍රිෂ්ණන් මහතා එළැඹෙන 19 දින සිට 20 දින දක්වා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වේ . එම සංචාරයට ඉන්දීය රජයේ ඉහළ පෙළේ දූත පිරිසක් එක්වීමට නියමිත බව තානාපති ආරංචි මාර්ග පවසයි.

සංචාරය අතරතුර උප ජනාධිපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය .

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන මෑතකාලීන ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල තවත් එක් ඉදිරි පියවරක් ලෙස මෙය හඳුන්වා දිය හැකි බව තානාපති ආරංචි මාර්ග පවසයි