ඉරානය තාවකාලික සටන් විරාමය ප්‍රතික්ෂේප කරයි.

සමස්ත කලාපය පුරා පවතින යුද ගැටුම් සම්පූර්ණයෙන් අවසන් කිරීමෙන් තොර තාවකාලික සටන් විරාමයක් පිළිගැනීමට තම රට සූදානම් නැති බව ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

ඉරානය සටන් විරාමයකට එකඟවන්නේ නම් එමගින් ලෙබනනයේ සිට රතු මුහුද දක්වා දැනට ගැටුම් පවතින සියලුම ගැටුම් කළප ආවරණය විය යුතු බව මාධ්‍යවේදීන් අමතමින් ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය සයීඩ් ඛාතිබ්සාදේ ප්‍රකාශ කළ බව එම මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර ඇත .

එම සාකච්චාවේදී හෝමුස් සමුද්‍ර සන්ධිය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, එම මුහුදු මාර්ගය ඓතිහාසිකව විවෘතව පවතින බව හා එය ඉරාන දේශසීමා ජල තීරයේ පිහිටා තිබුණ ද දීර්ඝ කාලයක සිට ප්‍රවේශ වීමේ පහසුව ඇතිව පවතින බවයි.

කළාපීය අස්ථාවරත්වය ඇති කිරීම සම්බන්ධයෙන් ඔහු අමරිකාව‍ට සහ ඊශ්‍රායලයට චෝදනා කර තිබුනි .