ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් 2025 -11-15 දින සිට 2026-06-14 දින දක්වා කාලය තුළ ඩීසල් (0.05% M.S.) බැරල් 1,400,000 +/- 5% (නැව් තොග 05ක්) ප්‍රසම්පාදනය කිරීම සඳහා දිගු කාලීන කොන්ත්‍රාත්තුවක් ප්රදානය කිරීම පිණිස ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා ඇත.
ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව එකී ඇණවුම සිංගප්පූරුවේ M/s. Trafigura Pte. Ltd. වෙත ප්රදානය කිරීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මේ සඳහා ලංසුකරුවන් 07 දෙනෙකු විසින් සිය මිලගණන් ඉදිරිපත් කරන ලද බව වාර්තා වේ .