පාර්ලිමේන්තුවවේ ඝණ පුර්ණය නෑ. සියඹලාපිටිය හිස් පුටුවලට කථා කරයි.

අද (09) පැවති පාර්ලිමේන්තු සභා වාරයේ විවේකයෙන් පසුව රැස්වූ අවස්ථාවේ පාර්ලිමේන්තුව තුළ ඝනපූර්ණය නොමැති වීම නිසා බරපතල අර්බුදයක් ඇතිවූ බව වාර්තා වේ.

එම අවස්ථාවේ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඔට්ටු හා සූදු බදු පනත පිළිබඳ සභාවට කරුණු දැක්වීමට සුදානම් වුවද ඝණ පූර්ණය නොමැති නිසා අඛණ්ඩව සීනුව නාදකරාමින් මාන්ත්‍රීවරුන් කැඳවීමට උත්සහ ගනු දැක ගත හැකි විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 න් අවම තරමින් 20 දෙනෙකු හෝ පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළ සැසිවාරය ආරම්භ කරනා අවස්ථාවේ රැඳී නොසොටි අතර දීර්ඝ වෙලාවක් කැඳවීමේ සීනුව නාද කිරීමෙන් පසු මන්ත්‍රිවරුන් කිහිප දෙනෙක් සභවට ඇතුළුවෙනු දැකගත හැකි විය . එම අවස්ථාවේ පාර්ලිමේන්තු සේවකයන්ද ආපනශාලාවේ සහ පාර්ලිමේන්තු ලොබියේ රැඳි සිටි මන්ත්‍රීවරුන් සභාවට යොමුකිරීමට උත්සහ ගනු දැක ගත හැකි විය.

මහජනතාවගේ සර්වජන ඡන්ද බලයෙන් පත්වන මන්ත්‍රීවරුන් මේ ආකාරයෙන් සිය වගකිම් නොතකා කටයුතු කිරීම ගැන සමාජයේ ප්‍රබල විවෙචන එල්ලවෙමින් පවතින අවස්ථාවක මෙවැනි දෙයක් සිදුවීම බරපතල කණගාටුදායක තත්ත්වයක් බව ජ්‍යේෂ්ට අමාත්‍යවරයෙක් අප වෙබ් අඩවියට පැවසීය.

ජනතා නියෝජිතයන් තම වගකීම් දැන කටයුතු කළ යුතු බවත් රජයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ වගකීම් විරහිත බව මෙම සිදුවීමෙන් පැහැඳි වෙන බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *