ඉන්දියාවේ සහයෝගිතාව ඇතිව ත්‍රිකුණාමලය දකුණු ආසියාවේ ප්‍රධාන බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කළයුතුව ඇතැයි ඉන්දීය විදේශ කටයුතු ලේකම් වික්‍රම් මිස්රි අවධාරණය කරයි. ඔහු මේ බව පැවසූවේ ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන්ගේ දෙදින නිල සංචාරය පිළිබඳව පැවති මාධ්‍ය දැනුවත් කිරීමට එක් වෙමිනි .
මෙම ව්‍යාපෘතියේ උපාය මාර්ගික වැදගත්කම මෙරට බලධාරීන්ට පෙන්වා දීමට මෙම සංචාරයේදී අවස්ථාව ලැබුණු බව ඔහු එහිදී පැවසීය .
ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට සාකච්ඡා පැවැත්වෙන අතර, එහි මූලික අදියර 2023 වසරේ රනිල් වික්‍රමසිංහ රජය යටතේ ආරම්භ විය. මෙය ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ත්‍රෛපාර්ශ්වික සහයෝගිතා ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට යෝජිතය.
පළමු අදියර යටතේ දකුණු ඉන්දියාව සහ ත්‍රිකුණාමලය අතර ඛනිජ තෙල් නළ මාර්ගයක් ඉදිකිරීන්මට සහ තෙල් ගබඩා කිරීම සඳහා තෙල් ටැංකි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නියමිතය .