හොරණ – අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි අධ්‍යක්ෂවරයා ලබන 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ . අද පස්වරුවේ ඔහු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කරනා ලද අවස්ථාවේ මෙම නියෝගය ලබාදී ඇත .
සෙනෙහසසේ නවාතැන නැමැති මෙම වැඩිහිටි නිවාසයේ වඩිහිටියන් 72 නෙක් රැඳී සිටි අතර ඊයේ (03) පස්වරුවේ හටගත් ගින්නෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙයි .
සහන සේවා සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි පරිශ්‍රමයකින් අනතුරුව මේ වන විට ගින්න මැඩපවත්වා ඇත . එමෙන්ම, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
හොරණ පොලිසිය වැඩිදුර විමර්ශණ සිදුකරයි .