රුපියල තව දුරටත් අවප්‍රමාණ වෙයි.

අද දිනයේ ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වෙයි .

ඒ අනුව අද (04) මෙරට ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු කිහිපයක් විසින් අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 339.50 ත් රුපියල් 340.50 ත් අතර අගයක සටහන් කර ඇත.

පසුගිය දින කිහිපය පුරාම ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ක්‍රමයෙන් පහත වැටීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළ බව මූල්‍ය වෙළඳපොළ තොරතුරු සනාත කරයි .