ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් ගාස්තු හෙට (06) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නැවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව අනුමැතිය ලබදී ඇත .
නව ගාස්තු ඉහළ නැංවීමත් සමග ශ්‍රී ලංකා ප්‍රවාහන ඉතිහාසයේ ප්‍රථම වතාවට බස් ගාස්තුවක් රුපියල් 5000 සීමාව ඉක්මවා යාමට නියමිතය . ඒ අනුව මෙම ගාස්තු සංශෝධනයෙන් පසු මෙතෙක් රුපියල් 4405 ක් ලෙස පැවති උපරිම දුර සේවා අධි සුඛෝපභෝගී බස් ගාස්තුව රුපියල් 5571 ක් දක්වා ඉහළ යාමට නියමිතය .
නව සංශෝධනයට අනුව අවම බස් ගාස්තුව රුපියල් 30 සිට රුපියල් 34 දක්වා රුපියල් 4 කින් ඉහළ දමා ඇත. මීට අමතරව රුපියල් 39ක්ව පැවති දෙවන ගාස්තු පියවර රුපියල් 44 ක් දක්වාත්, රුපියල් 50 ක්ව පැවති තෙවන ගාස්තු පියවර රුපියල් 56 ක් දක්වාත් ඉහළ නංවා තිබේ.
ගාස්තු වැඩි කිරීමේ කාණ්ඩ 4ක් යටතේ මෙම සංශෝධනය සිදු කර ඇත.
සාමාන්‍ය බස් සේවා (කි.මී. 100ට අඩු): ගාස්තුව 12%කින් ඉහළට
සාමාන්‍ය බස් සේවා (කි.මී. 100ට වැඩි): ගාස්තුව 20%කින් ඉහළට
සුඛෝපභෝගී සේවා (කි.මී. 100ට අඩු): පවතින ගාස්තුව 12%කින් ඉහළට
සුඛෝපභෝගී සේවා (කි.මී. 100ට වැඩි): පවතින ගාස්තුව 15%කින් ඉහළට
මෙම ගාස්තු වැඩි කිරීම ලංගම සහ පෞද්ගලික යන අංශ දෙකටම පොදුවේ අදාළ වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව වැඩිදුරටත් අවධාරණය කරයි.